ෆින්ලන්තයේ බයිසිකල් ගමන
හුඟක් රටවල බයිසිකලය කියන්නේ පරිසර දූෂණය අවම කරන්න, නගරයේ වාහන තදබදය ඉවත් කරන්න භාවිතා කරන වාහනයක්. බයිසිකලයට අමතර දැන් දැන් විදුලි ස්කූටර් එකත් කරළියට ගෙනෙනවා. අපි ඉන්න නගරයෙත් අපට පොඩි ඇප් (App) එකක් දාගෙන විදුලි බයිසිකලයක් හෝ විදුලි ස්කූටියක් අරගෙන නගර පුරා යන්නත් පුලුවන්. අය කරන ගාන විනාඩියට යුරෝ 0.22 වගේ. ඒ නිසා ලාබයි කියන්න බැහැ. නමුත් ඒ පහසුකම තියෙනවා. ෆින්ලන්තයේ හුඟක් අයට බයිසිකල් තියෙනවා. ඕනම කෙනෙක්ට පාවිච්චි කරපු බයිසිකලයක් සාධාරණ මුදලකට ගන්න පුලුවන්. මේ පාවිච්චි කළ බඩු විකුණන ස්ථාන වලට ඉංග්රිසියෙන් කියන්නේ, සෙකන්ඩ් හැන්ඩ් ශොප් (Second hand shop) කියලා. ( Second hand shops ගැන දැන ගන්න කැමති අයට මෙතනින් කියවන්න පුළුවන් ෆින්ලන්තයේ Second-Hand Shops (inosha-sithumprasadhea.blogspot.com . ) ගොඩක් වෙලාවට ග්රිස්ම කාළයෙදිනම් , පුලුවන් හැම වෙලාවකම බයිසිකල් පාවිච්චි කරන්න කවුරු උනත් පුරුදු වෙලා ඉන්නවා. මෙහෙ සීත කාළයටත් බයිසිකලේ යනවා. සමහර අය හිම වල යන්න පහසුවක් ලැබෙන නිසා ඒ වෙනුවෙන් තියෙන විශේෂ රෝද වලට මාරු වෙනවා. අපිට බයිසිකලේ පදින්න තියෙන්නේ ආරක්ෂාකාරි පාරක. බයිසිකලයේ යන අ
Comments
Post a Comment