ෆින්ලන්තය කොහොමද? ෆින්ලන්තයට එන්නේ කොහොමද?

1. ෆින්ලන්තයට එන්න තියන ලේසිම ක්රමය මොකද්ද?

රස්සාවකට එනවට වඩා ඇත්තෙන්ම ලේසියි මෙහෙට වැඩිදුර අධ්යාපනයකට එන එක. පහළ තියන links වලින් ෆින්ලන්තයේ තියන විශ්ව විද්යල ගැන, ඒවාගේ තියන උපාධි ගැන පොඩි අවබෝධයක් ලබා ගන්න. අපේ field එකේ ඉන්න කෙනෙක්ට මේ කැම්පස් එකේ මේ උපාධිය බලන්න කීවට අනික් අයට එහෙම කියන්න අමාරුයි. ඒ නිසා ඉතින් මෙහෙ තියන කැම්පස් වලට ගිහින් බලන්න.
මෙතන තියෙනවා ලංකාවේ කෙනෙක් කරන තව වීඩියො එකක්, apply කරන්නේ කොහොමද කියලා. ඒකත් බලන්න. බොහොම සරලව තියෙනවා.

2. PR ගන්න බැරිද කෙළින්ම,

බැහැ. ෆින්ලන්තයේ PR ගන්න අවුරුදු 4ක් A type වීසා එක්ක ඉන්න ඕන. A type වීසා හම්බෙන්න හුඟක් වෙලාවට B type වීසා එකේ යම් කාළයක් හිටියාම. තමන්ට ලැබෙන contract එක අනුව හරි, ඉගන ගන්න එනවානම් එ අනුව හරි මේ B type visa ඉන්න කාළය වෙනස් වෙන්න පුලුවන්. දැන්නම් Student visa එන අයට A type වීසා දෙනවා මම දන්න විදිහට.

3. Citizenship ගන්නේ කොහොමද?

Citizenship ගන්න නම්, PR ගන්න අවශ්යවන කාළයම ඉන්න ඕන. ඇත්තටම සඳහන් වෙන්නෙ අවුරුදු 5 ක් එක දිගට ෆින්ලන්ත A type visa තියෙන්න ඕන කියලා. ඊට අමතරව ෆින්ලන්ත භාශාව ඉගන ගෙන ඒ තියන විභාගය සමත් වෙන්න ඕන.
අංක 2 සහ 3 දෙකටම පිළිතුරු විදිහට පහළ link එක බලන්න,

4. එන්න කළින් මොනවද ලෑස්ති කර ගන්න ඕන?

ෆින්ලන්තයේ බදුගෙවන අයට ලැබෙන එක වරප්රසාදයක් තමා Kela කියන රක්ෂණය. ඉස්සර A type වීසා එකත් එක්කම අපිට Kela insurance එකට apply කර ගන්න පුලුවන් උනා. නමුත් students ලාට ලැබෙන A type වීසා එකට Kela insurnce එක ලබා ගන්න පුලුවන්ද කියන එක දන්නේ නැහැ. ඔබ ඒකට සුදුසු නැතිනම් (ඔබ එන්නේ රැකියාවකට නෙමෙ නම්), ඔබටත් පව්ලේ අයටත් ගැළපෙන රක්ෂණය අරගන්න. රක්ෂණයක් නැති අයකුට යන වියදම අධිකයි. ඔබ ගර්බණි මවක් නම්, දරු ප්රසූතියට යන වියදම්, ඊට පසු යන වියදම් ගැන ආදී සියල්ල සළකා බලන්න. ඔබට දිගුකාලීනව බෙහෙත් ගන්න වෙනවානම්, ඒ ගැන සොයා බලන්න. Kela විස්තර පහළ link එකෙන්

රියදුරු බලපත්රය අරගෙන එන්න. මෙහෙ හුඟක් රස්සා වලදි රියදුරු බලපත්රය ගැන අහනවා. ඔබට ලංකාවේ බලපත්රයෙන් අවුරුදු 2ක් වගේ මෙහෙ රිය පදවන්න පුලුවන්. එම වසර 2 ඇතුලත ඔබට වෛද්යය සහතියක් ඉදිරිපත් කර ෆින්ලන්ත රියදුරු බලපත්රයක් ලබා ගන්න පුලුවන්. යම් හෙයකින් එසේ නොවුනහොත් ඔබට අලුතින් ෆින්ලන්ත රියදුරු බලපත්රයක් ලබා ගන්න පුලුවන්. නමුත් එය මිල අධිකයි.
වැඩි විස්තර පහළ link එකෙන්

5. හොඳම නගරය මොකද්ද?

ඒක ඉතින් කියන්න හරි අමාරුයි. Helsinki කියන්නේ ෆින්ලන්තයේ අගනුවර, අවස්තා වැඩියි, ඉංග්රිසී භාවිතය වැඩියි. නමුත් ඉඳුම් හිටුම් සහ කෑම බීම සඳහා යන වියදම වැඩියි. එක නගරයේ උනත් නගරාසන්නයේ වියදම වැඩියි. ඒ නිසා එන නගරය අනුව ඒ ගැන සොයා බලන්න. Oulu නගරයට එන අය බොහොවිට Apartments book කරන්නේ පහළ තියන PSOAS කියන company එකෙන්. ගෙවල් වර්ග, මිල ගනන් ගැන අවබොදයක ගන්න පුලුවන් මෙතනින්. Helsinki වල මීට වඩා මිල අධිකයි.

6. දිවා සුරකුම් මධ්යස්තාන කොහොමද?

දිවා සුරකුම් මධ්යස්තාන හොඳ තත්වයෙන් තියෙනවා. අවුරුදු 3ට වැඩි ළමයින්ට ඉංග්රීසී සහ ෆින්ලන්ත භාෂා දෙකම පුහුණු කරන දිවා සුරකුම් මධ්යස්තානත් තියෙනවා. උදේ, දවල් සහ හවස කෙටි ආහාරය ලැබෙනවා, කාළ සටහනයකට යන්නේ. ළඟම දිවා සුරකුම් මධ්යස්තානට ඇතුලත් කරන්න පුලුවන් ඉඩ තියෙනවානම්. ඔබ එන්නේ වැටුපක් නොමැතිව වැඩිදුර අධ්යාපනයට නම් දිවා සුරකුම් මධ්යස්තාන වල සේවාව නොමිලේ ලැබෙනවා. ඔබ වැටුපක් තියෙන කෙනෙක් නම්, ඔබෙ වැටුපට සමානුපාතිකව මුදලක් අය කරනවා. වැඩි විස්තර පහළ link එකෙන්

7. පාසල් අධ්යාපනය කොහොමද?

ඔබ පදිංචියට එන ස්ථානයේ ළඟම පාසල ඔබේ දරුවට බොහො විට ලැබෙනවා. පාසල් වල උගන්වන්නේ ෆින්ලන්ත භාශාවෙන්. ජාත්යන්තර පාසල් තියෙනවා, ඉංග්රිසියෙන් උගන්වන. දැනට පවතින තරගකාරීත්වයත් එක්ක අලුතින් ෆින්ලන්තයට එන කෙනෙක්ට ජාත්යන්තර පාසලක් හමුවෙනවාද කියන කරුණනම් ඇත්තටම දන්නේ නැහැ. ගොඩක් ජාත්යන්තර පාසල් වලත් ගාස්තු අය කිරිමක් නැහැ. නමුත් මට අවබොධයක් නැහැ පෞද්ගලික පාසල් තියෙනවද කියලා. අපේ නගරයේ නැහැ. පහළ link එකෙ හුඟක් පාසල් තියෙනවා. එන නගරය අනුව සොයා බලන්න.

8. Part time jobs හොයා ගන්න පුලුවන්ද?

සමහර විශ්වවිද්යාල වල master degree එක්කට එන අයට RA (research assistant) positions තියෙනවා. Student visa එන අයට පැය 25ක් වැඩ කරන්න පුලුවන්. ගොඩක් වෙලාවට part time jobs වල තියන ගැටළුව වෙන්නේ භාශාව. කඩයක වැඩට යන්න ඔබට ගණුදෙණු කරුවන් සමග වැඩ කරන්න පුලුවන් වෙන්න ඕන. Helsinki වගේ නගරයක මේ නිසා තියෙන අවස්තා වැඩි වෙන්න පුලුවන්. අනික් ගැටළුව සමහර දේවල් සඳහා ප්රමිති සහතිකයක් සහිත වෙන්න ඕන. උදාහරණයකට ඔබට හොඳට උයන්න පුලුවන් උනාට, මෙහෙ කෑම හදලා විකුනන්න බැහැ. ඒ සඳහා ඔබ සම්පූර්ණ කලයුතු කරුණු කීපයක් තියෙනවා. මේ කරුණු නිසා ඉගන ගන්න ගමන් part time job එකක් කරන්න තියන අවස්තා සීමා සහිත වෙනවා.
පහළ තියන link එකෙන් ඉංග්රිසියෙන් job ads ලබා ගන්න පුලුවන්. තවත් විස්තර ෆින්ලන්තය ගැන තියෙනවා.

9. ෆින්ලන්තයේ නිවරදි තොරතුරු ගන්නේ කොහොමද?

ෆින්ලන්තයේ හැමදෙයක්ම වගෙ අපිට online කරගන්න පුලුවන්, ඒ නිසා හැම සේවාවකටම website එකක් තියෙනවා. වැඩිදිර විස්තර අවශ්යනම්, Google chrome එකේ search කරන්න. හුඟක් website වල English වලින් වෙනම තියෙනවා, එහෙම නැතැත් translation එකෙන් තේරුම් ගන්න පුලුවන්. ලංකාවේ '.lk' වගේ, මෙහෙ තියෙන්නේ '.fi' කියන එක. Official website වලින්ම බලලා නිවරදි තොරතුරු ගන්න.

10. අපිට තනියම apply කරන්න පුලුවනිද?

පුලුවනි. මෙහෙ හැම දෙයක්ම ඕනම කෙනෙක්ට තනියම කර ගන්න පුලුවන් විදිහට හැදිලා තියෙන්නේ. අදාලා විශ්ව විද්යලය සොයා ගෙන අවශ්ය ලිපි ටික සොයාගෙන apply කරන්න. scholarship එක තීරණය කරන්නේ ඔබේ education qualification මත. සමහර විට ඔබ ලියන motivation letter එක එහෙම නැත්නම් cover letter එකෙනුත් ලකුණු ප්රමාණයක් එකතුව් වෙන්න පුලුවන්. ඒ ගැන දන්නේ නැහැ. නමුත් තනියම කර ගන්න පුලුවන්.

11. රුසියාව පහර දෙයිද?

So far so good කියනවා ඇරෙන්න වෙන කියන්න දෙයක් දන්නේ නැහැ.

12. ෆින්ලන්තයේ නීතී තදයිද?

මට හිතෙන්නේ සාධාරණයි, නීතී තද නැහැ. එහෙත් එවා කඩන්න උත්සහා කරන්න එපා. ඔබ නීතියෙන් රිංගන්න හදනවානම්, මෙහෙ එන්න එපා. මොකද එහෙම උනොත් ලංකාවේ හුඟක් අයට තියන අවස්තා ඔබ නැති කරනවා. ඒ නිසා වලංගු රියදුරු බලපත්රයක් නැතිව රිය පදවන්න එපා. නීති වලට අමතරව තියන රීති උනත් පිළිපදින්න බලන්න. පොදු රෙදි සෝදන යන්ත්ර වල කාපට් සොදන්න එපා. කුණු ටික වෙන කරලා දාන්න අමාරු නම් mixed waste එකට දාන්න, වැරදිවට කුණු දාන්න එපා. ෆින්ලන්තේ මිනිස්සු විශ්වාස කරලා ගණුදෙණු කරන්න පුලුවන් අය. ඒ අයට වංචා කරන්න එපා. මෙහෙ ඔබේ මිදුලේ වාහන සොදන්න බැහැ, පරිසරයට වාහන සොදන සබන් මුදා හරින්න තහන්ම්. ඒ නිසා අදාල ස්තානයකින් එය කර ගන්න. මූලික ක්රම වේද ටික ඉගන ගෙන අනුගමනය කරන්න. ඔබ තවත් කෙනෙක්ට එයින් අවස්තාවක් හදලා දෙනවා.

13. මූලිකම අවශ්ය බඩු ගන්නේ කොහොමද?

මෙහෙ second hand shops තියෙනවා හැම නගරයකම. තව online sales points (FB sales point) තියෙනවා . ඔයාලා select උනාම අදාල නගරයේ second hand shop එක්කින් ඔයාලට පුලුවන් අවශ්ය බඩු ටික මිලදී ගන්න. දැන්නම් ටිකක් ගණන්. අපි ආපු දවස් වලනම්, අපි දෙන්නට ඕන උන අත්යාවශ්ය ලී බඩු ටික අපි ගත්තේ €80 ක් වගේ, ඒ කාලේ යූරො එක රුපියල් 160ක් වගෙ. ඒ නිසා පොඩි ගානකට අවශ්ය බඩු ටික ගන්න පුලුවන්. ලංකාවේ අය එද්දි පුලුවන් විදිහට ඒ ඒ නගර වල අය තිය දෙවල් නොමිලෙත් දෙනවා. ඒ නිසා ඒ ගැන බය වෙන්න දෙයක් නැහැ. මෙහෙ හොයනන් අමාරු පොඩි rice cooker තමා. අනික්වානම් තියෙනවා. ලංකාවේ තුනපහ අරන් එන්න පුලුවන්නම්. තව universal plug එකක් ගේන්න. වෙන ගේන්න අත්යාවශ්ය දේවල් නම් නැහැ.


Comments

Popular posts from this blog

ෆින්ලන්තයේ බයිසිකල් ගමන