ෆින්ලන්තයේ Second-Hand Shops

ෆින්ලන්තයේ second-hand shops කියලා concept එකක් තියෙනවා. මම දන්න තරමින්, යුරෝපය පුරාමත්, ඕස්ට්රේලියාව, ඇමරිකාව වගෙම සිංගපුරුවේ එහෙමත් මේ හා සමාන ක්රමයක් තියෙනවා.

Second-hand shops කියලා කියන්නේ කෙනෙක් පරිහරනය කරපු, තව කෙනෙකුට පරිහරනය කරන්න පුලුවන් භාණ්ඩ මිළදි ගන්න පුලුවන් ස්ථාන. එහෙම නැතිනම්, තමන්ට අනවශ්යයි නම්, වෙන කෙනෙක්ගේ පරිභොජනයට ලබා දෙන්න, විකුණන්න පුළුවන් ස්ථාන. මේ ස්ථාන physically තියෙන ඒවා වෙන්නත් පුළුවන්, නැතිනම් online වෙන්නත් පුළුවන්.
ෆින්ලන්තයේ තියන ලොකුම online second-hand shop එක තමා tori.fi කියන්නේ. ඕනැම කෙනෙකුට account එකක් හදාගෙන මිලදි ගැනීම් මෙන්ම විකිණීමත් කරන්න පුළුවන්.මේකෙන් අපිට ෆින්ලන්තය පුරාම දේවල් කැමති නම් බලලා ගෙන්න ගන්න යවන්න පුළුවන්. වංචා කරන්න පුළුවන් නිසා, එහෙම සිද්ධ වෙලත් තියන නිසා හිඟක් වෙලාවට මෙහෙ තියන post office හරහා ගණුදෙණුව කරන්න පුලුවන් ක්රමයක් හදලා තියෙනවා. මීට අමතරව තව online shops තියෙනවා . තමන් ඉන්න නගරයට, ගමට වෙන්වුන විවිධාකාර facebook shops තියෙනවා. මීට අමතරව රතු කුරුසෙන් සහ වෙනත් ආයතන වලින් පවත්වාගෙන යන ලබන ස්ථාන තියෙනවා. මේ ආයතනවලට අපිට අනවශ්ය භාණ්ඩ ගිහින් දෙන්න පුලුවනි. සමහර ආයතන මුදලකටත්, සමහර ස්ථාන නොමිලේත් මේ භාණ්ඩ මිලදි ගන්නවා. මීට අමතරව තව ,අපිට පොඩි මුදලක් ගෙවලා ස්ථානයක් අරගෙන විකුණන්න පුලුවන් තැන් තියෙනවා. මේ ස්ථාන වල මේස කීපයක් තියෙනවා සහ මේසයකට සතියකට යම් මුදලක් ගෙවලා වෙන්කරගෙන විකුණන්න පුළුවන්. මේ කියන ආකාර කීපයෙන්ම මිලදි ගැනීම් සහ විකිණීම් කරන්න පුලුවන්.
මේ ක්රමයෙන් වෙන සේවාව මොකද්ද?
මට හිතෙන විදිහට මේකෙන් හුඟක් ලොකු සේවාවක් වෙනවා. එකක් තමා හොඳ තත්වයේ තියන භාණ්ඩ නැවත නැවත පරිහරනය වීම නිසා නිවසේ ගොඩ ගසා ගැනිම අවම වීම සහ පරිසරයට මුදා හරින අපද්රව්ය ප්රමාණය අවම වීම. මේ සේවාවේ වටිනාකම හොඳටම දැනෙන්නේ අලුතින්ම පිටරටකට යන අයට. ගෙදර අවශ්ය හැඳි ගෑරුප්පුවේ ඉඳන්, ඇඳන් පුටු මේස දක්වාත්, කුඩා දරුවන්ගේ සෙල්ලම් බඩුවේ , සපත්තුවේ සිට Pram එක දක්වාත්, t-shirt එකෙ සිට winter jacket දක්වාත් ඔබට අවශ්ය දේවල් හොයා ගන්න පුළුවන්. සමහර second-hand shops තියෙනවා, මේවාගේ තියෙන්නේ used branded items. මීට අවුරුදු 10ක්ට විතර පෙර, තමන්ගෙ නිවසට අවශ්ය සියළු දේ යුරෝ 100 කට වගෙත්, අද වන විට යූරො 200-300 වගෙත් ලබා ගන්න හැකියාව තියෙනවා. යුරෝ 200-300 ක් කියන්නේ, ෆින්ලන්තයේ අලුතින්ම ඇඳක් ගන්න පුලුවන් අවම මිල. ඒ නිසා මුදල් අතින් සළකන විට අලුතින් එන කෙනෙකුට තියන සහනය ඔබට හිතා ගන්න පුලුවන් කියලා හිතෙනවා. අනික තමයි මේ second-hand shops වලදි කෙනෙක්ට නොමිලේ යම් දේවල ලබා දීමත්, ඒවායින් නොමිලේ ලබා ගැනිමත් මෙරට ජනතාව අකමැත්තක දක්වනවා. ඒ නිසා පොඩි ගාණක් හරි අය කිරිම, මිල කිරිම පුරුද්දක්. ලංකාවෙන් ආපු අය දැනට තමන් සතු දේවල් share කර ගෙන සහයෝගය දක්වනවා පුළුවන් විදිහට. ඒක වෙනම ස්වරූපයකින් තියෙන සුන්දර දෙයක් විදිහට මම දකින්නේ.
තව දෙයක් විශේෂයෙන් කියන්න ඕන. මේ කඩ වලින් දේවල් ලබා ගන්නේ මුදල් අපහසුතා ඇති අය වත්, විකුණන්නේ හරි නිකම් දෙන්නේ හරි සල්ලි තියන අයවත් නෙමෙයි. තමන්ගේ අවශ්යතාවයට අනුව, අලුත්ම භණ්ඩයකට මුදල් වැය කරනවද, නැත්ද කියන කරුණ අනුවත්, අනවශ්ය දේවල් ඉවත් කරන්නේ කොහොමද කියන දේ අනුවත් තමා මේ ක්රමය බොහොවිට ක්රියාත්මක වෙන්නේ. ඒ නිසා මට හිතෙන්නේ මේ ක්රමය ලංකාව තුලත් මහාපරිමාණයෙන් සංවිධානාත්මකව ක්රියාත්මක වෙනවානම් සියළු පුද්ගලයින්ට තමන්ගේ මූලික අවශ්යතා සපුරා ගැනිමට ලොකු සහයක් වේවි කියලා.

Comments

Popular posts from this blog

ෆින්ලන්තයේ බයිසිකල් ගමන